Tuesday, 30 April 2024

චෙන්නායි සහ යාපනය අතර දෛනික ගුවන් ගමන්

Posted On Tuesday, 11 July 2023 05:38

චෙන්නායි සහ යාපනය අතර දෛනික ගුවන් ගමන්

 

චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් වාර ගණන සතියකට හතර වතාවක් සිට දෛනික සේවා දක්වා ජූලි 16 සිට වැඩි කරන බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජෝතිරාදිත්‍ය සින්ඩියා මහතා නිවේදනය කරයි.

දෛනික ගුවන් ගමන් මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා වාණිජ කටයුතු ද පුළුල් වනු ඇති බව අමාත්‍ය සින්ඩියා මහතා සඳහන් කළේය.

මධ්‍යම සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවැත්වෙන ඉන්දීය සංචාරක නියෝජිත සංගමයේ 67 වැනි වාර්ෂික සමුළුවේ 2 වැනි දින පූර්ව පටිගත කළ පණිවිඩයක් නිකුත් කරමිනි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සංස්කෘතික හා වෙළඳ සබඳතා ගැන ඔහුගේ දේශනයේදී අවධාරණය කළේය.