Monday, 29 April 2024

අසභ්‍ය වචන පාවිච්චිය ගැන අධිකරණයෙන් හාමුදුරුවන්ට අවවාද

Posted On Thursday, 13 July 2023 05:58

අසභ්‍ය වචන පාවිච්චිය ගැන අධිකරණයෙන් හාමුදුරුවන්ට අවවාද

 

ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වූ රාජාංගනේ සද්ධාරතන හිමියන් ඇප මත සිටින අතර, සැකකාර හිමියන්ට අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද ඇප කොන්දේසියක් පනවනුලැබුවා.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා කරමින් දින 45 කසිරගත කිරීමෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතානියෝග කළේය.

මේ අතර, මහෙස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළේ, මෙම වරද පනතේ සීමාවට නොවැටෙන නමුත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේසැකකරුට එරෙහිව චෝදනා ක්‍රියාත්මක කළ හැකි බවයි. සද්ධාරතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියමැයි 28 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ රටේ ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන්ය.