Sunday, 28 April 2024

අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ.

Posted On Friday, 14 July 2023 06:27

අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ.

 

නවීකරණය හේතුවෙන් පසුගිය මාස හයක කාලය තුළ වසා දමා තිබූ අනුරාධපුර සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ජූලි 15 ආරම්භ වේ.

මෙම දුම්රිය මාර්ගය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් (14) නිල වශයෙන් විවෘත කෙරිණි.

දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති අතර නව සිල්පර සහ පීලි සකස් කර ඇත. ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයේ දුම්රිය පැයට කිලෝමීටර 100 දක්වා වේගවත් කළ හැකිය. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ පැයට කිලෝමීටර් 80 ක වේගයෙන් දුම්රිය ධාවනය කෙරෙනු ඇත. ඉන්දියානු ණය යටතේ මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයන ලදී.