Thursday, 02 May 2024

අජිත් රෝහණ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 3

Posted On Tuesday, 18 July 2023 05:59

අජිත් රෝහණ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 3

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාතෙන් නැගෙනහිර පළාතට ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) අගෝස්තු 3 වැනිදාට කල් තැබීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ද්විපුද්ගල විනිසුරුමඩුල්ල විසින් මෙම පෙත්සම අගෝස්තු මස 3 වනදා කැඳවීමට නියම කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිය පෙත්සම මගින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේද්වේශසහගත, අසාධාරණ ස්ථාන මාරුව අභියෝගයට ලක් කරයි. අමාත්‍යවරයා මේ සියලු ද්වේෂසහගත ක්‍රියා කළේ තමන්ටහිරිහැර කිරීමට සහ එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ආරක්ෂා කිරීමට බව ඔහු චෝදනා කර තිබිණි.

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අජිත් රෝහණ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.