Sunday, 05 May 2024

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදුන් එන්නකින් තම බිලිඳා මිය ගිය බව හෙට්ටිපොල ප්‍රදේශයේ පැමිණිල්ලක්

Posted On Tuesday, 18 July 2023 06:05

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදුන් එන්නකින් තම බිලිඳා මිය ගිය බව හෙට්ටිපොල ප්‍රදේශයේ පැමිණිල්ලක්

 

එන්නතක් ලබා දීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරක්වයසැති බිළිඳෙකුගේ පියෙකු කුලියාපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (ජූලි 16) උදෑසන බිළිඳා මියගොස් ඇත.

ජූලි 15 වැනිදා හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මාස 04ක් වයසැති දරුවන්ට ලබාදුන් එන්නත ලබාදීමෙන්පසු දරුවාට මෙම රෝගය වැළඳී ඇති බව බිළිඳාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

ළදරුවන් ගණනාවකට එම එන්නත ලබා දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර කිසිවකුට රෝගී තත්ත්වයක්නැත