Sunday, 05 May 2024

ඖෂධ අසාත්මිකතාවයෙන් සිදුවන මරණ ගැන සොයා බැලීමට කමිටුවක්

Posted On Tuesday, 18 July 2023 06:15

ඖෂධ අසාත්මිකතාවයෙන් සිදුවන මරණ ගැන සොයා බැලීමට කමිටුවක්

 

සෞඛ්‍ය සේවා ආයතන කිහිපයක මෑත කාලීනව ඖෂධවලට අසාත්මිකතා සහ ඒවායේ අතුරු ආබාධ පිළිබඳ සොයා බැලීමටවෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ දේදුනු ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සත් පුද්ගල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යකෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පත් කර තිබේ.

මෙම කමිටුවට මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, ආචාර්ය සෙනීතා ලියනගේ, මහාචාර්ය නිතුෂිසමරනායක, මහාචාර්ය එස්.එස්.පී. වර්ණකුලසූරිය, සහ ආචාර්ය පිලිප් එච්.ලී. කමිටුව සමන්විතය. සති තුනක් ඇතුළත සියවාර්තාව ඉදිරිපත් කිරීමට කමිටුව බලාපොරොත්තු වේ.