Sunday, 05 May 2024

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කරන ඒකාබද්ධ කමිටුව රැස්වේ

Posted On Tuesday, 18 July 2023 06:31

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කරන ඒකාබද්ධ කමිටුව රැස්වේ

 

මුහුදෙන් මගී ප්‍රවාහනය පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටු රැස්විම වරාය, නාවිකසහ ජල මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිංහ සහ ශ්‍රී ලංකා රජයේ වරාය, නාවික හා ගුවන් සේවාඅමාත්‍යාංශ ලේකම්, කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, මහත්වරැන්ගේ ප්රදානත්වයෙන් රැස්වීය.

එකඟ වූ කරුණු සම්බන්ධ කරමින් දෙරට අතර තොටුපළ සේවා නැවත ආරම්භ කිරීම කිරීම කෙරෙහි අවධානය යොමු විය. කලාපීය වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බවටදෙපාර්ශ්වයම එකඟ වූහ.

නුදුරු අනාගතයේ දී මුහුදෙන් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවය සඳහා ක්ෂේත්‍ර ගණනාවක්ඒකාබද්ධ කමිටුව විසින් හඳුනාගෙන ඇති අතර අවබෝධය මත ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන ලදී.

2011 දී අත්සන් කරන ලද මුහුදු මාර්ගයෙන් මගී ප්‍රවාහනය පිළිබඳ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමේ විධිවිධාන අනුව ඒකාබද්ධකමිටුව මෑතකදී ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් විසින් ප්‍රතිසංවිධානය කරන ලදී.