Sunday, 05 May 2024

අරාබි ජාතික සංචාරකයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Posted On Tuesday, 18 July 2023 06:39

අරාබි ජාතික සංචාරකයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

 

අලුත්ගම ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතික යුවලකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැඟවී සිටි සැකකරුවෙකුමොරගල්ල සංචාරක පොලිසිය විසින් (17) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ප්‍රහාරයට තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඔවුන් මේ වන විට පළාගොස් සිටින බව පොලිසිය පවස යි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

මෙම අරාබි ජාතික යුවල පසුගිය ජූලි 15 වැනිදා අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ඇති අතර ඊයේ දිනයේ මෙමයුවළ එම හෝටලයේ කෝපි හල වෙත ගිය අවස්ථාවේදී බීමතින් සිටි දෙදෙනෙකු මහ හඬින් කෑ ගසමින් සංචාරකයින්ට බාධා කරඇත. පසුව බීමතින් පැමිණි පිරිස අඹුසැමි යුවළට අතවර කර සැමියාට ද පහර දී ඇත.