Sunday, 28 April 2024

ආබාධ සහිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වැඩි අවධානයකට

Posted On Saturday, 22 July 2023 07:49

ආබාධ සහිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වැඩි අවධානයකට

 

ආබාධ සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇති බව රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අගලියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

එම චක්‍රලේඛය නැවත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන තුරු එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එහි වගකීම තමන් භාර ගන්නා බවත් ඔහු පැවසීය.

මෙම චක්‍රලේඛය අත්හිටුවීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙය තාවකාලික පියවරක් බවත්, විපක්ෂ නායකවරයා හෝ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි වගකීම භාර ගන්නේ නම් මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව අනුමත කළොත් ප්‍රශ්නයක් නැහැ. මේ යෝජනාව නැවතත් උපදේශක සභාව සමඟ සාකච්ඡා කළ යුතුයි කියන පදනම මත තාවකාලිකව අත්හිටුවා ඇති බවත් අමාත්‍ය ලසන්ත අගලියවන්න මහතා ප්‍රකාශ කළේය.