Monday, 29 April 2024

කුරින්දි කෝවිලට ගිය හින්දු බැතිමතුන් ආපසු හරවීම යන්න වාර්තාවක් අධිකරණයට

Posted On Monday, 24 July 2023 07:01

කුරින්දි කෝවිලට ගිය හින්දු බැතිමතුන් ආපසු හරවීම යන්න වාර්තාවක් අධිකරණයට

 

මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානය ආශ්‍රිතව පිහිටි හින්දු කෝවිලේ පොංගල් උත්සවයට සහභාගි වීමට ගිය දෙමළ වැසියන් පිරිසක් පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් ආපසු හරවා යැව්වේ මන්දැයි මුලතිව් මහේස්ත්‍රාත් ටී.ස්වර්ණරාජා පොලිසියෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇත.

ජූලි 14 වැනිදා හින්දු බැතිමතුන් පිරිසක් මෙම කෝවිලට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව වාර්තාවේ .

පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් තම අයිතිවාසිකම් කඩ කළ බවට පවසමින් දේශපාලනඥයන් පිරිසක් ගොනුකළ නඩුවක්  (21) අධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

මෙම නඩුව නැවත විභාගයට ගන්නා අගෝස්තු 8 වැනිදා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.