Sunday, 28 April 2024

වතුකරයේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර දියුණු කිරීමට ඉන්දියා උදවු

Posted On Monday, 24 July 2023 07:47

වතුකරයේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර දියුණු කිරීමට ඉන්දියා උදවු

 

වතුකරයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සංවර්ධනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුපියල් මිලියන 3000ක් ලබාදීමට එකඟ වූ බව ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා පැවසීය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, බලශක්ති සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ සංවර්ධනය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය තොණ්ඩමන් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවට ගිය දූත පිරිසේ සාමාජික අමාත්‍යවරයා යටිතල පහසුකම් ලබාදීමෙන් පමණක් උඩරට බලගැන්වීමක් සිදු නොවන බවත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමෙන් තිරසාර පරිවර්තනයක් සිදුවන බවත් අවධාරණය කර ඇත.