Monday, 29 April 2024

පඬු කරඳ ගස අධිකරණ අධීක්ෂණය යටතේ කැණීමකට

Posted On Tuesday, 25 July 2023 06:51

පඬු කරඳ ගස අධිකරණ අධීක්ෂණය යටතේ කැණීමකට

 

වඳවී යාමේ තර්ජනය හේතුවෙන් රතු දත්ත පොතට ඇතුළත් පඬු කරඳ (Crudia Zeylanica) ගස ගස කපා වළ දමන ප්‍රදේශයේකැණීම් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගම්පහ දිස්ත්‍රික් වන නිලධාරීවරයාට ඊයේ (24) නියෝග කළා.

ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැණීම් කටයුතු සිදුකරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන දාරළුව ප්‍රදේශයේ මෙම ගස කපා වළ දමා තිබියදී හමුවීඇත.

ගස කපා වළ දැමූ ප්‍රදේශයට යොදවා ඇති පොලිස් ආරක්ෂාව කැණීම් කටයුතු අවසන් වනතුරු පවත්වාගෙන යන ලෙසටබෙම්මුල්ල පොලිසියට දැනුම් දෙන ලෙසද අධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කෙරිණි.