Sunday, 05 May 2024

යහපත් සෞඛ්‍ය සේවාවකට නව වෛද්‍ය පනතක්

Posted On Thursday, 03 August 2023 08:30

යහපත් සෞඛ්‍ය සේවාවකට නව වෛද්‍ය පනතක්

 

වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මාස හයක් ඇතුළතනව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උපදෙස් නිකුත් කර ඇත.

වෛද්‍ය ආඥාපනතේ විධිවිධාන පරීක්ෂා කර සුදුසු විධිවිධාන සහිත නව වෛද්‍ය පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්, නීතිකෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා  වෛද්‍ය සභාව සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන ලදී.

කඩිනම් වෛද්‍ය සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ අතිරේක ප්‍රතිපාදන රුපියල් බිලියන 30ක් අනුමත කරඇති අතර එය ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත්වේ. ජනාධිපති වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟසහයෝගයෙන් කටයුතු කරන වෙනත් රටවල FDA අනුමත ඖෂධ සහ නිර්දේශිත ඖෂධ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනම් කරනු ඇත. රැස්වීමේදී ඖෂධ නියාමන අධිකාරියේ  සේවක හිඟය පිළිබඳ ගැටළුවවිසඳා ඇත. වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධනියාමන අධිකාරියේ කාර්යභාරය ශක්තිමත් කිරීම සඳහා සවිස්තර වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටියේය.