Saturday, 04 May 2024

අජිත් රෝහණගේ අයදුම්පත සැප්තැම්බර් 4 දක්වා කල්යයි

Posted On Friday, 04 August 2023 07:06

අජිත් රෝහණගේ අයදුම්පත සැප්තැම්බර් 4 දක්වා කල්යයි

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාතෙන් නැගෙනහිර පළාතට ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළි කැඳවීමට නියම කළේය.

සාධාරණ පදනමකින් තොරව අදාළ ස්ථාන මාරුවීම් නියෝගය නිකුත් කර ඇති බව පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි එම නියෝගය කර ඇත බවට මාධ්‍ය වාර්තා පළ වූ බවද පෙත්සම්කරු පවසයි