Saturday, 04 May 2024

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ලැව් ගින්නක්.

Posted On Friday, 04 August 2023 07:18

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ලැව් ගින්නක්.

 

වික්ටෝරියා වේල්ල ආසන්නයේ පිහිටි මේරි මවුන්ට් කන්දේ හටගත් ගින්න දැඩි සුළඟත් සමඟ වේගයෙන් පැතිර යමින් පවතී.

මේරි කන්දේ බටහිර බෑවුම් ප්‍රදේශයේ (02) හටගත් මෙම ගින්නෙන් වික්ටෝරියා වේල්ල ආසන්නයේ වර්ග මීටර් 500ක ප්‍රදේශයක් විනාශ කර ඇත. ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීම සඳහා වික්ටෝරියා වේල්ල සිය සේවකයින් යොදවා තිබේ.

සෑම වසරකම මෙවැනි ගිනි ගැනීම් සිදුවන බවත්, ගින්න වේල්ලට පැමිණීම වැළැක්වීම සඳහා ගිනි පටි කපා ඇති බවත් නිලධාරීහු පවසති. මේ නිසා වේල්ල ප්‍රදේශයට ගිනි ඇවිළෙන්නේ නැත.