Sunday, 28 April 2024

ගෑස් මිල නොවෙනස්

Posted On Tuesday, 08 August 2023 05:10

ගෑස් මිල නොවෙනස්

 

ලෝක වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් මිල ඉහළ ගියද ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ නොයන බව ලිට්‍රෝ ගෑස්සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා  (04) ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මේ සතිය මුලදී ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමටසමගාමීව ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ යන බවයි.

ලෝක වෙළඳපොලේ LP ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව හතරක මිල අඩු කිරීම් නිවේදනය කර ඇත. ලාෆ්ස් සමාගම ද අද සවස නිවේදනය කළේ ඒවායේමිල ගණන් නොවෙනස්ව පවතින බවයි.