Saturday, 27 April 2024

අභියාචනාධිකරණ තීන්දුවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට විශේෂ අවසර පෙත්සමක්

Posted On Tuesday, 08 August 2023 05:19

අභියාචනාධිකරණ තීන්දුවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට විශේෂ අවසර පෙත්සමක්

 

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත්කළ සිතාසි ක්‍රියාත්මක කිරීම අවලංගු කරමින් අභියාචනාධිකරණ තීන්දුවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින්අභියාචනා කිරීමට විශේෂ අවසර පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

සමාජ ක්‍රියාකාරික මහින්ද ජයසිංහ මහතා විසින් 2023 ජුලි 26 වැනි දින අභියාචනාධිකරණ තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියෝගයක්නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)(අ) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකාරිකයෙකු වන මහින්ද ජයසිංහ විසින් ගොනු කරනලද පෞද්ගලික පැමිණිල්ලක විත්තිකරුවෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්තිළිණ ගමගේ මහතා තීරණය කළේය.

නීතීඥ උදාර මුහන්දිරම්ගේ මහතා හරහා මෙම අයදුම්පත ගොනු කර තිබුණි.