Sunday, 28 April 2024

නීතිවිරෝධී මැණික් ගල් මිලදී ගැනීම හේතුවෙන් අපේක්ෂිත බද්ද නොලැබී යයි.

Posted On Tuesday, 08 August 2023 06:00

නීතිවිරෝධී මැණික් ගල් මිලදී ගැනීම හේතුවෙන් අපේක්ෂිත බද්ද නොලැබී යයි.

 

චීන සහ තායි ජාතිකයින් නීතිවිරෝධී ලෙස දේශීය මැණික් වෙළෙඳපොළෙන් ඉතා අඩු අගයකට මිලදී ගැනීම හේතුවෙන් අපේක්ෂිතබද්ද රජයට නොලැබීමේ ප්‍රවණතාවක් පවතින බව පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශිකඅධීක්ෂණ කමිටුවේදී අනාවරණය විය.

මේ හේතුවෙන් රජයට බදු ගෙවමින් සාධාරණව ව්‍යාපාර කරගෙන යන මැණික් ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන බවදවැඩිදුරටත් සඳහන් වේ.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආනයන, අපනයන සහ ප්‍රතිඅපනයනය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී, අජිත් මාන්නප්පෙරුම මහතාගේප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම කරුණ සාකච්ඡාවට ගැනිණි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරික සංගම් නියෝජිතයන්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේසභාපති ඇතුළු නිලධාරීන්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුවේනිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකාර්මික හා පරිසරය) මෙම කාරක සභාව හමුවට කැඳවන ලදී.

ශ්‍රී ලාංකේය මැණික් පිළිබඳ කීර්තිමත් නාමය විදේශ රටවල් අතර ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් මැණික් අපනයනය හා ප්‍රතිඅපනයනයෙන් විදේශ විනිමය ලබා ගැනීමටත් කටයුතු කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අපේක්ෂාව බව කමිටු සභාපතිමාන්නප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

ප්‍රතිඅපනයනය සඳහා මැණික් ආනයනය කිරීමේදී පනවා ඇති 2.5%ක සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීමේ සංශෝධිත පනත්කෙටුම්පතක් මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම සහනය මෙරට ව්‍යාපාරිකයන්ට ලබාදීමට නියමිතබවත් මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පෙන්වා දුන්හ.