Monday, 29 April 2024

දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා යාපනයේ උපවාසයක්

Posted On Tuesday, 08 August 2023 06:08

දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා යාපනයේ උපවාසයක්

 

දීර්ඝකාලීන යුද්ධයකින් බැට කෑ උතුරේ දෙමළ ජනතාවට රජයෙන් යම් සාධාරණයක් ඉටු කරන ලෙස බලකරමින් මහනුවරමැණික්හින්න ප්‍රදේශයේ සිංහල ජාතික රසුල දිල්හාර ගමගේ ඊයේ (06) යාපනයේදී උපවාසයක් ආරම්භ කළේය.

දෙමළ ජනතාවත් මේ රටේ කොටසක් නිසා සිංහල ජනතාව කිසිවිටෙක දෙමළ ජනතාව හැර නොයා යුතු බව ඔහු පවසයි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සහ ඔවුන්ගේ ඉල්ලීම්වලට සිංහල ජනතාව සහ රජය කන් නොදෙන විට එය ඔවුන්ට ගැටලු ඇතිකරන බව පවසයි.

දෙමළ ජනතාව අසීරු තත්ත්වයන්ට ඇද දමන්නේ නැතිව ඔවුන්ට ඇහුම්කන් දීමට රජයත්, රටේ සිංහල ජනතාවත් උත්සාහ කළයුතුයි