Thursday, 02 May 2024

ඉස්ලාම් දහම අපකීර්තියට පත් කිරීමේ චෝදනාව මත ඥානසාර හිමියන් හාමුදුරුවන්ට එරෙහි නඩුව 4 වැනිදාට

Posted On Tuesday, 08 August 2023 06:28

ඉස්ලාම් දහම අපකීර්තියට පත් කිරීමේ චෝදනාව මත ඥානසාර හිමියන් හාමුදුරුවන්ට එරෙහි නඩුව 4 වැනිදාට

 

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව නඩුවක් දෙසැම්බර් 4 වැනිදා විභාගයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) දින නියම කරන ලදී.

2014 වසරේ ඉස්ලාම් දහම සහ ශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්

මෙම නඩුවට අදාළව නීතිපතිවරයා සිය නීති උපදෙස් ලබාදී නොමැති බව අධිකරණයට දැනුම් දුන්නා.

2014 අප්‍රේල් මස 12 වැනි දින කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලදී ඉස්ලාම් දහම සහ ශුද්ධ වූ කුර්ආනය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මෙම නඩුව පවරා ඇත. බොදු බල සේනා මහලේකම්වරයා ඉස්ලාම් දහම සහ ශුද්ධ වූ කුර්ආනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අපහාසාත්මක ප්‍රකාශයක් කර ඇති බවට පුද්ගලයින් 8 දෙනෙකුට වැඩි පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශ නිකුත් කරමින් චෝදනා කළහ. උන්වහන්සේට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන් පොලිසියෙන් ඉල්ලා තිබුණා.