Saturday, 04 May 2024

සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

Posted On Wednesday, 09 August 2023 05:01

සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

 

යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය සුහද තානාපතිවරයා ලෙස

ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණියේය. සචින් සබරගමුව පළාතේ යුනිසෙෆ් වැඩසටහන් නැරඹීමට ගිය අතරකොවිඩ් වසංගතය සහ 2022 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ දෙමාපියන් හමුවිය.

ටෙන්ඩුල්කාර් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම 2015 වසරේ යුනිසෙෆ් සංවිධානය සමඟ සම්බන්ධ වූ අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකාවහා සම්බන්ධ මතකයන් සිහිපත් කළේය. අභියෝග මධ්‍යයේ වුවද ධනාත්මක වෙනසක් ඇති කිරීමට සියලු රාජ්‍ය සහ රාජ්‍යනොවන සංවිධාන දරන ප්‍රයත්නයන් ඔහු අගය කළේය.

ක්ෂේත්‍ර මෙහෙයුම අතරතුර, සචින් පෙර පාසලකට ගොස්, යුනිසෙෆ් හි දහවල් පාසල් ආහාර වැඩසටහනේ ආහාර සැපයීමට උදව්කළේය. 2022 අගෝස්තු මාසයේ සිට, රට පුරා පාසල් 1,400 කට ආසන්න ප්‍රමාණයක පෙර පාසල් දරුවන් 50,000 කටUNICEF හි දිවා ආහාර වැඩසටහන පෝෂ්‍යදායී ආහාර ලබා දෙයි.

"දරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ආහාර වේලක් සහ ගුණාත්මකඅධ්‍යාපනයක් අවශ්‍ය වේ. ඔවුන්ගේ අධ්‍යාපනය සහ පෝෂණය සඳහා ආයෝජනය කිරීමෙන්, අපි ඔවුන්ගේ අනාගතය සඳහාපමණක් නොව සෑම රටකම අනාගතය සඳහා ආයෝජනය කරමු," සචින් පැවසීය.