Saturday, 04 May 2024

ගෝලීය දූෂණ විරෝධී සම්බන්ධීකාරක රිචඩ් කොළඹට

Posted On Wednesday, 09 August 2023 05:05

ගෝලීය දූෂණ විරෝධී සම්බන්ධීකාරක රිචඩ් කොළඹට

 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ගෝලීය දූෂණ විරෝධී සම්බන්ධීකාරක රිචඩ් නෙප්ව් අගෝස්තු 8-9 දක්වා කොළඹටපැමිණෙන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඊයේ (08) නිවේදනය කළේය.

පැමිණෙන දූත පිරිසට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දූෂණ විරෝධී විශ්ලේෂකයෙකු වන ඩිලන් අයිකන්ස් ද ඇතුළත් වේ.

කොළඹ සිටින අතරතුර, දූත පිරිස රජය, විපක්ෂය, IMF, පුද්ගලික අංශය සහ සිවිල් සමාජ මැදිහත්කරුවන් හමුවනු ඇත. ඔහුගේසංචාරයේ අරමුණ වන්නේ දූෂණයට විසඳුම් සෙවීමට ගන්නා උත්සාහයන් මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වයන්හොඳින් අවබෝධ කර ගැනීම සහ අනාගත සහයෝගීතාවයේ විභවයන් ගවේෂණය කිරීම බව තානාපති කාර්යාලය පවසයි.