Wednesday, 08 May 2024

ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ

Posted On Wednesday, 09 August 2023 05:08

ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ

 

මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් භාරදුන් වෛද්‍ය වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව 32 හැවිරිදි ඩනිෂ්ගේ මරණය මුහුණට, පපුවට සහ උදර ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් බව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්ශ්‍රීනිත් විජේසේකර මහතා තීරණය කළේය.

Karen Munk Ebbesen නැමති 32 හැවිරිදි මෙම කාන්තාව අම්පිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ජූලි 10 වනදාකඩුගන්නාව නැරඹීමට ගොස් පසුව අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් ඇති අතර එහිදී ඇය වැටී ඇති බව සඳහන්.

පොතාපිටිය පොලිස් වසමේ අලගල්ල ග්‍රාම නිලධාරීවරයා විසින් මරණ සහතිකය නිකුත් කිරීමෙන් පසු දේහය මියගිය අයගේඥාතීන් වෙත යැවීමට පොලිසියට දන්වා ඇත.