Thursday, 02 May 2024

විශ්ලේෂණ වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ලැබුණු පසු තීන්දුවක්

Posted On Wednesday, 09 August 2023 05:24

විශ්ලේෂණ වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ලැබුණු පසු තීන්දුවක්

 

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණයේ තීන්දුව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ විශ්ලේෂණ වාර්තාව ලැබුණුපසු ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) දක්වයි.

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍යමණ්ඩලයේ වාර්තාව තවමත් සූදානම් නැති බව අධිකරණයට දැනුම් දු ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් නිගමනයකට පැමිණීම සඳහා තවත් සාකච්ඡාවක් සඳහා පංච පුද්ගල විද්වත් මණ්ඩලයතවදුරටත් කල් ඉල්ලා ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහතා පැවසීය.

මේ අතර විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය මඟින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති රජයේ රස පරීක්ෂක වාර්තාලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.