Monday, 29 April 2024

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැසැන්ඩ්‍රා කථානායකවරයා හමුවෙයි.

Posted On Thursday, 10 August 2023 05:22

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැසැන්ඩ්‍රා කථානායකවරයා හමුවෙයි.

 

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වන කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මියපාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

එහිදී දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබඳව අදහස් හුවමාරු වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා වන යහපත්භාවිතයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු 1987 දී ශ්‍රී ලංකාවේ උපත ලබා 1999 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවාය. ඇය ඕස්ට්‍රේලියානු කම්කරුපක්ෂය (ALP) සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ "හෝල්ට්" බෙදීම නියෝජනය කරමින් 2022 ෆෙඩරල් මැතිවරණයෙන්පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු දේශපාලනනියෝජිතවරිය ඇයයි.

ප්‍රනාන්දු මහත්මිය දේශපාලනයට පිවිසීමට පෙර වසර 15ක් පමණ ඕස්ට්‍රේලියානු බහුජාතික සිල්ලර හා මුල්‍ය සමාගමක් වනWoolworths හි සූපවේදියෙකු ලෙස සේවය කළේය.