Monday, 29 April 2024

අතරමං තල්මසෙකු ගැඹුරු මුහුදට

Posted On Thursday, 10 August 2023 05:27

අතරමං තල්මසෙකු ගැඹුරු මුහුදට

 

ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් පුත්තලම කලපුවේ අතරමං වූ තල්මසෙකු බේරා ගැනීමට සහය දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව තල්මසා ගැඹුරු ජලය වෙත යොමු කරන ලද අතර අතරමං වූ තල්මසා, දළ වශයෙන්. අඩි 20 ක් දිග, මින්කේ මසුන්විශේෂයට අයත් වේ.

වයඹ නාවික විධානයට අයත් විජය නෞකාවේ වෙරළ මුර යාත්‍රාවක් අද උදෑසන පුත්තලම කලපුවේ මුර සංචාරයක යෙදී සිටියදීඅතරමං වූ තල්මසා නිරීක්ෂණය කළේය. පවතින හදිසි තත්ත්වය හඳුනාගත් නාවික හමුදාව වනජීවී සංරක්ෂණදෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර වහාම ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ කණ්ඩායමක් පිටත් කර යවා මෙම දැවැන්ත සාගරක්ෂීරපායි සත්වයාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සමඟ නිලධාරීන්තල්මසාව ක්‍රමක්‍රමයෙන් ගැඹුරු ජලය වෙත යොමු කර ඇත.