Monday, 29 April 2024

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ට අභියෝගය කල පෙත්සමක් ප්‍රතික්ෂේප වේ

Posted On Thursday, 10 August 2023 06:02

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ට අභියෝගය කල පෙත්සමක් ප්‍රතික්ෂේප වේ

 

රජයේ දේශීය ණය ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (09) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එස් තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයා විසින් ඉදිරිපත්කරන ලද විරෝධතා සැලකිල්ලට ගනිමින් පෙත්සම ඉදිරියට ගෙන යාමට අවසර දීම ප්‍රතික්ෂේප කළේය.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළුපස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

EPF සහ ETF විසින් භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත්වල තබා ඇති ආයෝජන, ප්‍රාග්ධනය සහ පොලී කොටස් වලට බලපානදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාම වළක්වන අතුරු නියෝගයක් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබුණි.