Monday, 29 April 2024

බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට

Posted On Thursday, 10 August 2023 06:28

බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට

 

ටියුනීසියාවේ සිට පිටත් වූ කුඩා බෝට්ටුවක් සිසිලි සමුද්‍ර සන්ධියේදී පෙරලී ගිලී යාමෙන් ළමුන් තිදෙනෙකු ඇතුළු සංක්‍රමණිකයන් 41 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් පුද්ගලයන් හතර දෙනෙක් දිවි ගලවා ගත්හ: ඉතාලි වෙරළාරක්ෂක බළකාය විසින් ඔවුන් මෝල්ටිස් භාණ්ඩ නැවක් විසින්බේරාගෙන ලැම්පෙඩුසා වෙත ගෙන යන ලද බව ඉතාලි පුවත් වයර් ANSA පවසයි.

දිවි ගලවා ගත් සිව්දෙනා වෙරළාරක්ෂක බලකායට පැවසුවේ පුද්ගලයන් 45 දෙනෙකු Sfax හැර ගිය බවයි. පැය හයක පමණනාවික ගමනකින් පසු විශාල රළ පහරක් හේතුවෙන් මීටර් 7ක් දිග බෝට්ටුව පෙරළී ඇත.