Monday, 29 April 2024

ධනුෂ්කට ලිහිල් ඇප කොන්දේසි

Posted On Thursday, 10 August 2023 06:33

ධනුෂ්කට ලිහිල් ඇප කොන්දේසි

 

මාස අටකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප කොන්දේසි ලිහිල්කිරීමෙන් පසු අගෝස්තු 8 වැනි දා සිට ඔහුට දේශීයව සංචාරය කිරීමට අවසර ලැබේ.

ධනුෂ්ක ගුණතිලක අඟහරුවාදා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටි විට ඔහුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන්ඉල්ලා සිටි අතර පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානය සඳහා පැමිණ සිටියදී සිඩ්නි නුවර දී කාන්තාවක් දූෂණය කිරීමසම්බන්ධයෙන් ඔහු මීට පෙර වරද පිළිගෙන ඇත.

ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තම කණ්ඩායමේ සගයන් සමඟ ශ්‍රී ලංකාවට පියාසර කිරීමට සූදානම්වසිටියදී අත්අඩංගුවට ගෙන චෝදනාවට ලක් වූ අතර එතැන් සිට ඔහුට රට හැර යාම වළක්වා ඇත.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාර දෙන ලෙසත් කිසිදු ජාත්‍යන්තර පිටත්වීමේ ස්ථානයකට නොපැමිණෙන ලෙසත් දැඩි කොන්දේසිසහිතව නොවැම්බර් 17 වැනි දින ඔහුට ඇප නියම විය.

අඟහරුවාදා, 32 හැවිරිදි ඔහු මේ මාසයේ අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර දීම සඳහා ඔහුගේ ඇපවෙනස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔහු ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය සමඟඅවම වශයෙන් පැය 48 කට පෙර පොලිසියට දැනුම් දිය යුතු බව ඔහු නියම කළේය. (SKY පුවත්)