Sunday, 28 April 2024

අග්බෝට ප්‍රතිකාර කිරීමට විදේශීය පශු වෛද්‍ය විශේෂඥයන්

Posted On Monday, 14 August 2023 07:39

අග්බෝට ප්‍රතිකාර කිරීමට විදේශීය පශු වෛද්‍ය විශේෂඥයන්

 

මීට මාස තුනකට පමණ පෙර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදේශීය පශු වෛද්‍ය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ජුලි 20 වැනිදා සිට නිලධාරීන් අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇතත් මේ වන විට අභ්‍යන්තර හා බාහිර තුවාල සම්පූර්ණයෙන්ම සුව කිරීමට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක සිටි.

දැනට තිරප්පනේ ලබුනෝරුව වැව් රක්ෂිතයේ වැතිර සිටින අග්බෝට ප්‍රතිකාර කිරීම සඳහා තුවාලවලට ප්‍රතිකාර කිරීමේ පශු වෛද්‍ය විශේෂඥයකු ළඟදීම මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්බෝ යනු ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති යෝධ ඇතුන් අතලොස්සෙන් එකකි. ඔහු වයස අවුරුදු 40 කට ආසන්න වන අතර වනයේ අඩි 10 ක් පමණ උසයි.