Monday, 29 April 2024

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්

Posted On Thursday, 17 August 2023 12:02

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්

 

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දෙපාර්තමේන්තුව පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියේය.

ඒ අනුව නිෂ්පාදකයින්ට, සැපයුම්කරුවන්ට සහ අපනයනකරුවන්ට නිෂ්පාදන වැනි කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.