Saturday, 04 May 2024

ඩෝනියර් ගුවන් යානයක් අද දින ගුවන් හමුදාවට

Posted On Thursday, 17 August 2023 13:21

ඩෝනියර් ගුවන් යානයක් අද දින ගුවන් හමුදාව ට

 

ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට භාර දෙන ලදී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ද්විපාර්ශ්වික ආරක්ෂක සාකච්ඡා අතරතුර 2018 ජනවාරි 9 වන දින, නව දිල්ලියේ, සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානා සමාන ඩෝනියර් වර්ගයට අයත් යානයක් ලබාගැනීමට අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම එහි අරමුණ විය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කර Dornier-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ලබා දීමට තීරණය කළේය.

වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට නොමිලේ සැපයෙන මෙම යානය විධිමත් ලෙස භාරදීම කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ පූධානත්වයෙන් සිදු විය.

සමුද්‍ර සහ වෙරළබඩ නිරීක්ෂණ, මෙහෙයුම් හරහා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, සහ සමුද්‍ර දූෂණය නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීමට යානය උපයෝගී කරගැනේ.