Thursday, 02 May 2024

ඇති විය හැකි ගැටුම් වැළැක්වීමට පොලිසිය

Posted On Monday, 21 August 2023 05:10

ඇති විය හැකි ගැටුම් වැළැක්වීමට පොලිසිය

 

ආගමික වතාවත් පැවැත්වීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ බැතිමතුන් (18) සිට කුරුන්දිමලේ විහාරස්ථාන පරිශ්‍රයට පැමිණීමට පටන් ගෙන ඇති බව මුඅයිතිව් ප්‍රදේශයෙන් වාර්තා වේ.

බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර උණුසුම් තත්ත්වයක් පවතින බැවින් ආගමික බැතිමතුන් අතර ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහා විශාල පොලිස් භට පිරිසක් එම ප්‍රදේශයේ යොදවා තිබේ.

දකුණේ සිට වැඩම කළ භික්ෂූන් වහන්සේලා කුරුන්දිමලේ විහාරස්ථානයේ සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව ආශිර්වාද පූජාවක් පැවැත්වූ අතර මෙම පූජාව හේතුවෙන් ඒ ඒ විහාරස්ථාන පරිශ්‍රයේ පොංගල් උත්සවය පැවැත්වීම දුෂ්කර විය.

පොංගල් උත්සවයට විරෝධය පළ කරමින් පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබූ අතර දකුණේ ජනතාව විසින් පොංගල් උත්සවය කඩාකප්පල් කළ අවස්ථාවේදී මුලතිව් දෙමළ ජනතාව උද්ඝෝෂණයක් පවත්වා දකුණේ සිට පැමිණි ජනතාවට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.