Thursday, 02 May 2024

බලය බෙදාගැනීම සම්බන්ධයෙන් ලංසා කන්ඩායම ජනාධිපතිවරයාගේ පැත්තට

Posted On Monday, 21 August 2023 05:24

බලය බෙදාගැනීම සම්බන්ධයෙන් ලංසා කන්ඩායම ජනාධිපතිවරයාගේ පැත්තට

 

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල දායකත්වයෙන් සැමට පිළිගත හැකි බලය බෙදීමේ වැඩපිළිවෙලකට විරුද්ධ වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඔහු කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදාගැනීමේ අරමුණින් සිටි අතර

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවත්, රටේ සියලුම ජන කොටස්වලට පිළිගත හැකි බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් මෙම වැඩපිළිවෙලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විරුද්ධ වීමෙන් බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙබිඩි පිළිවෙත මනාව පෙන්නුම් කරන බව ද ඔහු ප%කාශ කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් සුළු පිරිසක් ප්‍රකාශ කර ඇති බවද ඔහු පැවසීය. එය එසේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න ඔවුන් වහාම හෙළි කළ යුතු බවද ඔහු පැවසීය.