Thursday, 02 May 2024

චීනයට කලින් සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක්

Posted On Monday, 21 August 2023 05:28

චීනයට කලින් සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක්

 

මහතා (21) පෙරවරුවේ සිංගප්පූරුවේ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය සමඟ සහ අගමැති ලී සියෙන් ලූන්ග්, ආරක්ෂක අමාත්‍ය එන්ග් එන්ග් හෙන් සහ තිරසාර හා පරිසර අමාත්‍ය ග්‍රේස් ෆු හේ යීන් සමඟ සාකච්ඡා ඇතුළු වැදගත් රැස්වීම් මාලාවක් සැලසුම් කර ඇත.

පැරිස් ගිවිසුමේ 6 වැනි වගන්තියේ විධිවිධාන යටතේ, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ අරමුණින් සහයෝගයෙන් කටයුතු කිරීමට අවබෝධයක් වෙනුවෙන් ශ්‍රී ලංකා සහ සිංගප්පූරු රජයන් අතර ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය.

අගමැති දිනේශ් ගුණවර්ධන මහතා ගේ චීන සංචාරය අවසන්ව දිවයිනට පැමිණ ඇති අතර ජනාධිපතිවරයා සිය ඉකුත් ජුලි අගභාගයේ ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් පසු ඉක්මනින් චීන සංචාරයක් ඇරඹීමට සැලසුම් කර ඇතග