Saturday, 27 April 2024

හිටපු අමාත්‍ය සරත් වීරසේකරට කලු කබා විරෝධයක්

Posted On Monday, 28 August 2023 08:42

හිටපු අමාත්‍ය සරත් වීරසේකරට කලු කබා විරෝධයක්

 

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අධිකරණ පද්ධතිය හෑල්ලූවට ලක් කළ හිටපු අමාත්‍ය සරත් වීරසේකරට එරෙහිව උතුරු පළාත් නීතීඥවරු  (25) යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් සහ වවුනියාව යන දිස්ති‍්‍රක්කවල අධිකරණ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරත නීතීඥයින් කියා සිටියේ සරත් වීරසේකර අධිකරණ තීන්දුවලට ගරු කළ යුතු බවයි. “මුලතිව් අධිකරණය ලබාදුන් යම් තීන්දුවක් වැරදි යැයි ඔහු උපකල්පනය කරන්නේ නම්, ඔහුට ඉහළ අධිකරණයක පිහිට පැතිය හැකි” බවද ඔවුහු පැවසූහ.

මෙම විරෝධතා හේතුවෙන් උතුරේ අධිකරණ රැසක අධිකරණ කටයුතු එදින පෙරවරුවේ අඩාල විය.