Saturday, 27 April 2024

ආණඩුවේ ව්‍යවස්ථාව අත්හරින එරාන් ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවක් යෝජනා කරයි

Posted On Monday, 28 August 2023 09:10

ආණඩුවේ ව්‍යවස්ථාව අත්හරින එරාන් ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවක් යෝජනා කරයි

 

පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නව ව්‍යවස්ථාවක් හදන්වාදීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින පාලන ගැටලු නිවැරැදි කරගත යුතු බව දක්වා ඇත.

ප්‍රකට නීතිඥවරයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මීට පෙර සම්පාදනය කරන ලද නව ව්‍යවස්ථාවක් තමන් සතුව ඇති බවද ඔහු කියා සිටියි.

ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන අය සංවිදානයට දේශපාලන සහ රජය මැදිහත් නොවිය යුතු බවත් ඔවුන් පුද්ගලික සංවිධානයක් නිසා කිසිවෙකුට වග නොකියන බව දක්වන නමුත් “ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුද්ගලික ආයතනයක් නොවන අතර එය ජාතික සංවිධානයක් බව එරාන් වික%මරත්න මන්ත්‍රීවරයා අවධාරණය කරයි.