Sunday, 28 April 2024

ශ්‍රී ලංකාවේ පාතාල චරිත තුනක් බැංගලෝර්හිදී අත්අඩංගුවට

Posted On Monday, 28 August 2023 09:18

ශ්‍රී ලංකාවේ පාතාල චරිත තුනක් බැංගලෝර්හිදී අත්අඩංගුවට

 

ඉන්දියාවේ බැංගලෝර් පොලිසියේ මධ්‍යම අපරාධ අංශය නගරයේ මහල් නිවාසයක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තිදෙනා ශ්‍රී ලංකාවේ තහනම් කැරලි සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සමඟ සම්බන්ධතා ඇති බවට සැක කෙරේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, නිලධාරීන් විසින් කසුන් කුමාර, අමිල නුවන්, සහ රංග පසාද් නමැති ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සහ බැංගලෝර්හි තදාසන්න ප්‍රදේශයක මහල් නිවාසය ඔවුන්ට කුලියට දුන් ඉන්දීය ජාතිකයෙකු වන පරමේෂ් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. පරමේෂ්ට මීට පෙර මිනීමැරුම් නඩුවක් ද ඇති බව පැවසේ.a