Sunday, 28 April 2024

සංචාරක අවධානය දිනා ඇති ඉහළ මට්ටමේ ගමනාන්තයක් වන ආරුගම්බේ ආයෙත් සංවර්ධනය කිරීමට ආණ්ඩුව සැරසේ.

Posted On Monday, 28 August 2023 09:35

සංචාරක අවධානය දිනා ඇති ඉහළ මට්ටමේ ගමනාන්තයක් වන ආරුගම්බේ ආයෙත් සංවර්ධනය කිරීමට ආණ්ඩුව සැරසේ.

 

ආරුගම්බේ සංචාරක කලාපය සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඇති දෙස් විදෙස් සංචාරකයින් සඳහා ඉතා යෝග්‍ය ගමනාන්තයක් බවට පත් කිරීමේ පුළුල් සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ආරුගම්බේ වෙරළ තීරයේ ජනපි‍්‍රයත්වයට පත් ජල ක‍්‍රීඩා ප‍්‍රවර්ධනය කිරීමෙන් සැලකිය යුතු ආදායමක් ලබාගැනීමේ අපේක්ෂාව මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මූල්‍ය අභියෝගවලට සෘජුව මුහුණ දීමට සංචාරක ක්ෂේත්‍රයට ඇති හැකියාව ද අවධාරණය කළ හෙතෙම ඉදිරි දශකය තුළ අභියෝග ජය ගැනීමේ අභිලාෂය ඇතිව නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය සඳහා අදියර දෙකක සංවර්ධන සැලැස්මක් ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙනහැර දක්වා ඇත.