Sunday, 28 April 2024

සමුද්‍රීය ආරක්ෂාව ගැන ආණ්ඩුවටත් වඩා සොයන ජුලී චුන්ග්

Posted On Monday, 28 August 2023 10:23

සමුද්‍රීය ආරක්ෂාව ගැන ආණ්ඩුවටත් වඩා සොයන ජුලී චුන්ග්

 

අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය (26) උතුරු මැද නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා හමුවී ප්‍රදේශයේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කළාය. ශ්‍රී ලංකාව පත්කර ඇති ඇති වොෂින්ටන් තානාපති නිලධාරීහු මෙම ආකාරයට ඇමරිකානු ආරක්ෂක කටයුතු සොයා නොබැලීම ගැන ඇතැම් පිරිස් නොසතුට පළ කරති.

උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ඇමරිකානු තානාපතිනිය කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලය වෙත ද පැමිණියාය. කාන්තාවන් එහි දී මුණගැසුණු අතර, ඔවුන් කුඩා ව්‍යාපාරවලට යොමු කරන අතර ප්‍රජාව අතර මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරන ආකාරය ගැන සොය බලා ඇත. මන්නාරමේ තිරුකේතීස්වරම් හින්දු කෝවිල වෙත ගිය අමතක නොවන ගමන ගැන ඇමරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.