Monday, 29 April 2024

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පාලමක් හදන්නට ජනමත විචාරණයක්

Posted On Tuesday, 29 August 2023 13:01

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පාලමක් හදන්නට ජනමත විචාරණයක්

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් පාලමක් පිහිටුවීමේ යෝජනාවට ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය හිමිවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර ඇත.

තේවත්ත පුදබිමේ පැවති සුව කිරීමේ දේව මෙහෙය අමතමින් අගරදගුරු හිමිපාණෝ රට පාවා දුන් පැරණි දේශපාලකයන්ට දොස් පැවරූහ.

ඉන්දියානු "පරිප්පු" ගුවනින් හෙළීම වැනි කණගාටුදායක සිද්ධි සිහිපත් කළ ඔහු, පුරාණ රජවරුන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වෙළඳාමට හා වාණිජයට පමණක් සීමා කළ බව පැවසීය.