Monday, 29 April 2024

තම නිවස කොල්ලකෑම ගැන පැමිණිලි

Posted On Tuesday, 29 August 2023 13:07

තම නිවස කොල්ලකෑම ගැන පැමිණිලි

 

නීති විරෝධී පිරමීඩ ජාවාරමක නිරත චීන ජාතිකයාගෙන් නිවෙස මංකොල්ලයක් ගැන පැමිණිලි

තම නිවස කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කළ චීන ජාතිකයා පිරමීඩ ජාවාරමට සම්බන්ධ අයකු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

හෙමෙ තවත් චීන ජාතිකයන් රැසක් සමඟ එක්ව රට පුරා පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. කැසිනෝවලින් සිදුවූ පාඩුව ආවරණය කරගැනීම සඳහා ඔහු තම භාෂා පරිවර්තකයාගේ සහය ඇතිව මංකොල්ලයක් සංවිධානය කර ඇති බව පොලිසිය පවසයි.

සැකකටයුතු චීන ජාතිකයන් වසරකට වැඩි කාලයක් මෙරට පදිංචිව සිට අන්තර්ජාලය හරහා ගෝලීය පිරමිඩ ක්‍රමයක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ සඳහා භාවිත කළ ලැප්ටොප් පරිගණක පොලිසිය විසින් සොයාගෙන ඇත.