Monday, 29 April 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දේවස්ථානයට

Posted On Tuesday, 29 August 2023 13:12

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දේවස්ථානයට

 

පාතාලය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනික නොවන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවත් රටේ නීතිය හා සාමය ඉහළම මට්ටමින් ආරක්ෂා කිරීමට සෑම විටම කැපවී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී (28) පැවැති සාකච්ඡාවක දී අදහස් දක්වමින් අලස් ඇමැතිවරයා කියා සිටියේ පාතාල කල්ලි ක්‍රියාකාරකම් තුරන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති අතර අවශ්‍ය නම් වෙඩි තබන ලෙස ද ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත. වගකිවයුතු රජයක් ලෙස ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමක් ඉවැසිය නොහැකි බවද හෙතෙම පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ විමර්ශන වාර්තාවේ පිටපතක් කතෝලික සභාව වෙත භාරදුන් බවද ඔහු සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවලට කතෝලික පල්ලියේ සහයෝගය ද ලබා දිය යුතු බව ඔහු පැවසීය.