Thursday, 02 May 2024

කාන්තාවකගේ මොළය තුළ දඟලන පණුවෙක්

Posted On Friday, 01 September 2023 05:53

කාන්තාවකගේ මොළය තුළ දඟලන පණුවෙක්

 

අමතක වීම ඇතුළු අද්භූත රෝග ලක්ෂණ සහිතව රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ මොළයෙන් සජීවී, දඟලන පණුවෙකු ඉවත් කරගෙන ඇත..

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි 64 හැවිරිදි කාන්තාවක් සති කිහිපයක සිට උදර වේදනාව සහ පාචනය හේතුවෙන් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ පෙනහළු සහ අක්මාව තුළ අසාමාන්‍යතා අනාවරණය වී තිබේ.

බයොප්සි පරීක්‍ෂණයකට පසු රෝගියාගේ මොළයේ දකුණු ඉදිරිපස කොටසෙහි පිළිකාවක් නොව, මිලිමීටර් 80 පමණ දිග සහ මිලිමීටර 1 ක විෂ්කම්භයකින් යුතු සජීවී පරපෝෂිත පණුවෙකු සොයාගැනීමය හැකි වී තිබේ.