Thursday, 02 May 2024

ජපානයේ ආරක්ෂාව පවත්වා ගැනීමට වැඩිපුර මුදල්

Posted On Friday, 01 September 2023 06:00

ජපානයේ ආරක්ෂාව පවත්වා ගැනීමට වැඩිපුර මුදල්

 

ජපානයේ ආරක්ෂක බලකායේ ඉහළම නිලධාරියෙකු වන යොෂිඩා Nikkei වෙත ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවකදී අභ්‍යන්තර ආරක්ෂාව සදහා වැඩිපුර මුදල් යොදවන බව ප්‍රකාශකර ඇත. "ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% දක්වා වැඩි කිරීමට තීරණයක් ගෙන ඇති," බව මෙම ජෙනරාල් පැවසීය.

රුසියාව, චීනය සහ උතුරු කොරියාවේ ක්‍රියාවන්ට මුහුණ දෙමින්, " ආරක්ෂක වියදම් වැඩිකිරීමට මෙන්ම ජපානය ප්‍රතිප්‍රහාරක හැකියාවන් අත්පත් කර ගැනීමට ජපානයේ සෑහෙන පිරිසක් සහාය දක්වති." ඔහු කියයි.

ඉන්දියාවේ ආරක්ෂක ඇමැතිවරයාට කලින් ඇමරිකානු සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන් පැමිණීම

ඉන්දියාවේ ආරක්ෂක ඇමැතිවරයාගේ නිල සංචරයකට දින නියම වී තිබෙන අතරතුර ඇමරිකානු එක්සත් ජනපද සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිටින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද, (අගෝස්තු 30 ) කොළඹදී හමුවිය.

මෙම සංචාරය කලාපයේ එක්සත් ජනපද ආධාර වැඩසටහන්වල කොටසක් වන අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ඇති අවස්ථා සාකච්ඡා කිරීමක් බව සැලකේ. මෙම අවස්ථාවට කොළඹ එක්සත් ජනපද තානාපති ජුලි චුන්ග් මහතා ද සහභාගී විය. ගජබාහු නෞකාවෙන් එක්සත් ජනපද නියෝජිත පිරිසට සුහද පිළිගැනීමක් කළ අතර පසුව දූත පිරිස සහ නාවික හමුදාපතිවරයා අතර පැවති සංවාදය මූලික වශයෙන් ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති අංශවලට යොමු වූ බව අනාවරණයවේ.