Thursday, 02 May 2024

ශ්‍රී ලාංකික සිසුන් විසි දෙදෙනෙකුට හින්දි පැත්තට හැරවේ

Posted On Friday, 01 September 2023 06:04

ශ්‍රී ලාංකික සිසුන් විසි දෙදෙනෙකුට හින්දි පැත්තට හැරවේ

 

ශ්‍රී ලාංකික සිසුන් 22 දෙනෙකුට ඉන්දියාවේ දී හින්දි භාෂාව හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත. උත්තර් ප්‍රදේශ්හි අග්‍රා හි කේන්ද්‍රියා හින්දි සන්ස්ථාන් හි මාස නවයක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 26 ක සිසුන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට හදුනාගෙන ඇත.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙම සිසුන්ට ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ඔවුන් මුණ ගැසුණ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක් පැරණි සංස්කෘතික, භාෂාමය, සාහිත්‍ය සහ ආගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හින්දි භාෂාවේ සහ සාහිත්‍යයේ කාර්යභාරය ඉස්මතු කළේය.