Thursday, 02 May 2024

චීන ඛනිජ තෙල් මත්තේගොඩ ප්‍රදේශයට

Posted On Friday, 01 September 2023 06:12

චීන ඛනිජ තෙල් මත්තේගොඩ ප්‍රදේශයට

 

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 3 වට්ටමක් සමඟ වෙළඳපල ප්‍රවර්ධන පියවරවල පළමු වටය සිනොපෙක් සමාගම මත්තේගොඩ තෙල් පිරවුම්හල සමග ආරම්භ කර ඇති බව වාර්තාවේ. අඩුමිලට ඉන්ධන ලබාගැනීමට පාරිභෝගිකයන් විශාල උනන්දුවක් දක්වන අතර මෙයටට කලින් චීන තෙල් සැපයුම සදහා ඉදිරිපත් නොවූ පරවුම්හල් මහත් වික්ෂිප්ත වී ඇති බව වාර්තා වේ.

සැපයුම් සැලැස්ම ඔක්තෝම්බර් මාසයට පෙර ෙපිරවුම්හල් 150 ක්‍රමානුකූලව සිනොපෙක් කළමනාකාරිත්වයට පවරාගැනීමේ සුදානමක් ඇත.

සිනොපෙක් සමඟ ගිවිසුම අත්සන් කරන ලද රජය රටට අඛණ්ඩ ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා කටයුතු කළේය. මෙහි දී දේශීය බැංකු අංශය මත රඳා නොසිට විදේශ විනිමය සුරක්ෂිත කර ගැනීමේ හැකියාව සලකා බැලිණ. සමාගම් අවම වශයෙන් ආරම්භක වසරක මෙහෙයුම් කාලය තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තමන්ගේම අරමුදල් ලබා ගත යුතු බව නියම කර තිබේ.