Friday, 10 May 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ ලංකා මුහුදු සීමාවේ හමුදා අභ්‍යාසයක

Posted On Monday, 04 September 2023 05:56

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ ලංකා මුහුදු සීමාවේ හමුදා අභ්‍යාසයක

 

INS ‘දිල්ලි’ නාවික හමුදා යාත්‍රාව දිනතුනක සංචාරය අවසන් කර ඊයේ පිටත්ව ගියේය. 450 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මීටර් 163.2 ක් දිග විනාශකාරී ආයුධ සහිත නෞකාවක් වන මෙහි අණදෙන නිලධාරියා වශයෙන් කපිතාන් අභිෂේක් කුමාර් කටයුතු කර ඇත.

නෞකාවේ රැඳී සිටි කාලය තුළ, ශ්‍රී ලංකා හා ඉන්දියා නාවික ප්‍රධානීහු අතර සහයෝගීතාව සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට කාර්ය මණ්ඩලය සහභාගී වී තිබුණි. නාවික හමුදා දෙකෙහිම නාවිකයින් සම්බන්ධ කර ගනිමින් පුහුණු කිරීම් නෞකාවේදී පැවැත්වුනු අතර පිටත්ව යාමට කලින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සමඟ කොළඹට ඔබ්බෙන් යුද ගමන් අභ්‍යාසයක් පවත්වා ඇත.