Friday, 10 May 2024

පාරේ වැටි සිටි රාජ් කුමාරිට පිහිට වූ පොලිස් නිලධාරීහු අසරණවෙති

Posted On Monday, 04 September 2023 06:00

පාරේ වැටි සිටි රාජ් කුමාරිට පිහිට වූ පොලිස් නිලධාරීහු අසරණවෙති

 

සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් භාරයට ගත් ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක සහ ව්‍යාපාරික සුධර්මා නෙතිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක් වූ ආර්. රාජ්කුමාරි නමැති 42 හැවිරිදි තරුණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් නිලධාරීහු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කර තිබේ.

රාජ්කුමාරි අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමේ වගකීම ෙඋප පොලිස් පරීක්ෂකවරයාට පවරා තිබුණ බවට රහස් පොලිසිය චෝදනා කරයි. පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇය අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ද රහස් පොලිසිය පවසයි. මියගිය කාන්තාව මහ මග වැටී සිටියදී සොයාගත් බව පවසමින් උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණයට වර්තා කර ඇත.

මියගිය අයගේ ස්වාමිපුරුෂයා තම බිරිඳ ආර්. රාජ්කුමාරිගේ මරණය සැක සහිත බවත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඉල්ලා සිටියි.