Friday, 10 May 2024

ණය බර අධ්‍යාපනය නොමැතිකම සහ ව්‍යසනයට අනුවර්තනය වීමේ හැකියාව නැති සමාජයක්

Posted On Monday, 04 September 2023 06:07

ණය බර අධ්‍යාපනය නොමැතිකම සහ ව්‍යසනයට අනුවර්තනය වීමේ හැකියාව නැති සමාජයක්

 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දරිද්‍රතාවය සහ මානව සංවර්ධන මුලපිරීම අංශය විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව, ණය, අධ්‍යාපනයේ ඌනතාවය සහ ව්‍යසනවලට අනුවර්තනය වීමේ හැකියාව ශ්‍රී ලංකාවේ බොහෝ ජන කොටස් අවදානමට ලක්වන සාධක අතර වේ.

ජාතික පුරවැසි සමීක්ෂණය 2022-23 නියැදි 2020-20 ආවරණය වන පරිදි ව්‍යුත්පන්න කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුමාන අවදානම් දර්ශකය නම් වූ ප්‍රතිපත්ති වාර්තාව 'බහුමාන දුර්වලතා අවබෝධ කර ගැනීම: ශ්‍රී ලංකාවේ මිනිසුන්ට බලපෑම්' යන මාතෘකාව යටතේ කරුණු ඉදිරිපත් කරයි. 2022 නොවැම්බර් සිට 2023 මාර්තු දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර ආර්ථික අර්බුදයය හා එහි බිදවැටීම් අලලා ජනතාව වෙත සිදුවන බලපෑම සොයාගැනීඹ අරමුණු කරගෙන මෙම සමීක්ෂණය පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනය මුහුණ දෙන ඉරණම හා අභියෝග මෙම දත්තවලින් පෙන්නුම් කරන අතර සම්ප්‍රදායික ආදායම් මත පදනම් වූ ක්‍රියාමාර්ගවලින් ඔබ්බට අවදානම් ග්‍රහණය කර ගැනීම සඳහා නව දර්ශක සමූහයක් පවතින බව දක්වයි. අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආපදා සහ ජීවන තත්වයන් යන මාන තුන යටතේ කාණ්ඩගත කර ඇති දර්ශක දොළහක් මෙම සමීක්ෂණ දර්ශකයට ඇතුළත්ය.